ජාවා ඩේටා ටයිප් වල default values ගැන පොඩ්ඩක් වගේ කියන්ඩ හිතුණා.

  • Boolean    =  false
  • Char          =  \u0000
  • Byte          =  0
  • Short         =  0
  • Int             =  0
  • Long         =  0L
  • Float         =  0.0f
  • Double     =  0.0d     මේවා තමා java date types වල default අගයන්.


Float නැත්නම් double ඩේටා ටයිප් එකකට (assigning value) අගයක් සමාන කිරීමේදී ඇයි මේ “f”, “d” භාවිතා කරන්නේ.


මේක අනිවාර්යයෙන් කළයුතුදෙයක්. එහෙම නැත්නම් compiling errors generate වෙනවා. Letter ‘f’ වලින් float (floating point literal) අගයන්ද, letter ‘d’ වලින් double (double literal) ඩේටා ටයිප් එකට අදාල අගයන් දක්වනවා.  Long ඩේටා ටයිප් එකේදිත් මේ ක්‍රමය අනුගමනය කලයුතුයි. මේක ජාවා වල සම්මත (Standard) ක්‍රමයක්. බොහෝ අවස්තාවලදී double ඩේටා ටයිප් එකෙන් variable නිර්මානය කිරීමේදී variable value එකෙ අගට (double z = 2.01d) ‘d’ අවශ්‍ය නොවේ.  ඊට හේතුව තමා 2.01 වැනි අගයක් සාමාන්‍යයෙන් පවතින්නේ double කියන ඩේටා ටයිප් එකට  අදාලවයි. නමුත් float ටයිප් එකෙන් variable ලිවීමෙදී  (float x = 2.01 ;) ලෙස (initialize) ලිවහොත් compiling error එකක් එනවා. ඒ නිසා double data type එකේ තියන 2.01 කියන අගය float වලට assign කිරීමේදී (float x = 2.01f ;)  හෝ (float x = (float)2.01;) ලෙස declare සහ initialize  කලයුතුයි. 

වැඩිපුර සවිස්තරයක් බලපොරොත්තු වෙන්න. 👌👍

No comments:

Post a Comment

class variable and instance variable in Java Class variables (Static variable) Class variables are variables declared within a class,...